මාමණ්ඩියට දිවි අහිමිකළ බෑනාගේ මාරාන්තික ප්‍රහාරය

මාමණ්ඩියට දිවි අහිමිකළ බෑනාගේ මාරාන්තික ප්‍රහාරය

September 10, 2024   07:23 am

මීගමුව, මංකුලිය ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

ඊයේ (09) සවස් කාලයේදී එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු තම දියණිය සමග ඇතිවූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී තිබුණි.

එහිදී එම ආරවුල දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ බෑනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර සිය පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී කාලයේදී එම ඝතනය සිදුකර තිබුණේ තණමල්විල, 21 කණුව ප්‍රදේශයේදීය.

එලෙස මියගොස් ඇත්තේ, තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරුගේ පුතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් ඔහු මානසික ආබාධයකින් පෙළෙන බවත් පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.