සෑම සමාජ තලයකටම වෙන වෙනම උත්තරයක් දුන් දිලිත්

සෑම සමාජ තලයකටම වෙන වෙනම උත්තරයක් දුන් දිලිත්

September 12, 2024   08:31 pm

මෙවර ජනාධිපතිවරණයේදී සෑම සමාජ තලයකම ජන කොට්ඨාසවල අදහස් නියෝජනය කරමින් උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා තමා බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ නිට්ටඹුවේ පැවති ජන හමුවකදී ය. 

'දිලිත් ගමට' ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි.

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"කොළ පාට, කහ පාට කොළ පාට සහ දම් පාට... කවර විතරයි වෙනස්. වැඩේ එකයි. අපි ඒ වෙනුවට ගෙනාවා උපාය මාර්ගික වැඩපිළිවෙළක්. ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ගොවියා, ධීවරයා, කම්කරුවා, රාජ්‍ය සේවකයා හමුවෙලා සාකච්ඡා කරලා... මේ රටේ හැම මනුස්සයෙකුගෙම අදහස් නියෝජනය වන උපාය මාර්ගික වැඩපිළිවෙළක්." 

සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා,

"ණය ගෙවන්න ඕනේ. හොරු අල්ලන්න ඕනේ. හොරාකාපු දේපොළ අත්පත් කරගන්න ඕනේ. හැබැයි අපේ රට ඔසවා තැබීමට නම් ඒ සියල්ල ඉක්මවා යන නිෂ්පාදන ආර්ථීකයකට යන්න ඕනේ. සර්වජන බලයට ඒ අධිෂ්ඨානය තියෙනවා." 

සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

"ලංකාවේ මේ ජනාධිපතිවරණය තියෙන වෙලාව වෙනකොට අපේ අවට රටවල මොකක්ද වෙන්නේ. බංග්ලාදේශය දැන් ඇද වැටිලා. මේ කලාපයටම අද ගහගෙන ගහගෙන යනවා. ලංකාවටත් ගහගෙන ආවා. භාගෙටයි ගහගන්න පුළුවන් වුණේ. ඒක අංග සම්පූර්ණ කරන්න තමයි සමහරු සූදානමින් ඉන්නේ."