ඩොලරය ගැන රනිල් අනතුරු අඟවයි

ඩොලරය ගැන රනිල් අනතුරු අඟවයි

September 12, 2024   09:43 pm

මැතිවරණ වේදිකාවේ සිටියද තමා ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය තීරණ නොව සත්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පිළියන්දල පැවැති ජන රැලියකදී ය.

"මට මෙතනට ඇවිත් කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තවත් සහන තියෙනවා කියලා. ඒ අයට එහෙම කියන්න පුළුවන් ද ?. වෛරයේ මුවාවෙන් බලය අරගෙන අන්තිමට මොකක්ද වෙන්නේ. මම කියන්නේ ජනප්‍රිය ඒවා නෙමෙයි.. ඒත් ඇත්ත මම කියන්නේ. මම ආපහු කියනවා.. බදු අඩු කළොත් ඩොලර් එක රුපියල් 500 වෙනවා. සජිත් ගැන මොනවා කියන්නද?. හැම එකම දැන් නොමිලේ දෙනවලු."